Nov 19, 2012

2ක් බේරේ , 3ක් බේරේ


මේ කතාව මං ඇහුවේ මාත් එක්ක වැඩ කරන මගේ යාලුවෙක්ගෙන්...
 අපි දෙන්න පොඩ් චැටක් දාන් ඉද්දි දවසක් මූ මගෙන් ඇහුවා 

මචං උඹ දැන්නවද මෙ නිව්ස් එක.. 
මං ඇහුව මොකක්ද කියල.. 
"රිය අනතුරෙන් දෙකක් බේරේ , 3ක් බේරේ , දෙදෙනෙක් මරුට" 

මං ඇහුව : මොකක්ද යකෝ ඒකේ තේරුම.. ??
2ක් බේරේ, 3ක් බේරේ වෙන්නේ කොහොමද? කියල..

ඊට පස්සේ මූ කියපි 
මෙහෙමනේ මචං.. වෙලා තියෙන්නේ, 
ඇක්සිඩන්ට් එකක් වෙලා...ඒකෙන් 2ක් බේරිලා... තව 3ක් බේරේ වැවට වැටිලා.. තව 2ක් මැරිලා... 
ඕක තමා 

"රිය අනතුරෙන් දෙකක් බේරේ , 3ක් බේරේ , දෙදෙනෙක් මරුට"  කිවුවේ..


Nov 16, 2012

Women in Men’s Life - මිනිසෙකුගේ ජීවිතයට ගැහැනිය


මිනිසෙකුගේ ජීවිතයට ගැහැනියක් බලපාන හැටි නිකමටවත් හිතිල තියනවද? ඕව් සමහරුන්ව කන්නෙත් ගැහැනු, සමහරුන්ව හදන්නෙත් ගැහැනු, අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සන වැකි කිහිපයක් දැකල මට හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙ කියල...පොඩ්ඩක් බලන්න ලස්සනද කියල





මං ඉපදුනු වෙලේ මාව අල්ල ගන්න, 
උනුසුම දෙන්න ගැහැනියක් ළග හිටිය...
ඒ තමා 
මගේ අම්ම

I was born,
a woman was there
to hold me : -My Mother-




ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
මාව ‍රැකබලා ගන්න, 
සෙල්ලම් කරන්න ගැහැනයක් සිටියා.....
ඒ තමා මගේ
සහෝදරිය..


I grew as a child,
A woman was there
to care for me, to
play with me : -My Sister-








මං පාසල් යන විට මට ඉගෙන ගන්න,
උදවු කරන්න ගැහැනියක් සිටියා.
ඒ තමා මගේ
ගුරුතුමිය

I went to school,
A woman was there
to help me learn : -My Teacher-







මා අධ්‍යර්යමත් වන විට, 
මා මං මුලා වන විට, මට ප්‍රශ්න විසද ගන්න , 
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ 
බිරිද

I became depressed, whenever I lost.
A woman was there
to offer a shoulder : -My Wife-






මං සැරපරුෂ වන විට, 
මගේ හදවත උනුකරන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ 
දියනිය

I became tough,
A woman was there
to melt me : -My Daughter-





මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි, 
ඒ තමා මගේ 
ම්ව්බිම

I am dying,
A woman is there to
absorb me in : -My Motherland-






මෙහි ඔරිජිනල් පිටපත මෙහි සදහන් වන අතර එය සිංහලට පරිවථනය කලේද මා විසින්මය, පසුකලක් මෙහි වෙනත් අය කොපිරයිට් දමා මටම ඊමේල් ෆෝවඩ් කල අවථාද හෙමටය

Nov 15, 2012

ජීවිතය සහ අපි

මොකක්ද මේ කියන්න යන්නේ...? හ්ම්ම් මටත් හරියටම තේරුමක් නෑ...ඒත මං මේ හදන්නේ පොඩ්ඩක් අපේ ජීවිතය ගැන කතා කරන්න යන්න..ඔයාල ගොඩ්ක් busy ඇති, ඒ උනත් නිකමට චුට්ටක් කියවමුකෝ..

මුලින්ම අපි යමු අපේ ළමා කාලයට,,හිතන්න කොච්චර සුන්දරද?

අම්ම තාත්තගේ ආදරය මැද, ආච්චිගේ සීයගේ ‍රැකවරනය ආදරය මැද අපි කොච්චර නම් සතුටෙන් හැදුන වැඩුනද? 


තාත්ත මහන්සි වෙලා ගෙදර ආවම අපි කොච්චර වද දෙන්න ඇත්ද?

අරක ඕනේ මේක ඕනේ කියල කරදර කරන්න ඇත්ද? 

ඒ මොනව උනත්, වැදගත්ම දේ තමා අපිට කිසිම බරක් පතලක් ජීවිතය ගැන තිබ්බද? 

අම්ම තාත්ත මහන්සියෙන් හම්බ කරපුව වියදම් කලා මිසක්, කොහොමද මේව එන්නේ කියල කල්පනා කලාද? ,


සමහර වෙලාවට වේලක් දෙකක් නොකා අම්මල තාත්තල බඩගින්නේ ඉදල අපිට කන්න දුන්න අවස්ථා තියනව..අපි ඒව මුකුත් දන්නේ නෑ...අපි කරන්නෙ වෙලාවට කාල නිදා ගන්න එක..

අම්ම තාත්ත කෑවද බලන්නෙත් නෑ..


බලන්න එයාල මොනා හරි ගෙනාවොත් පොඩි කෑල්ලක් කයි..එහෙම නැත්නම් ඔක්කොම අපිට දෙයි කන්න කියල...අපි දන්නේ නැති උනාට අපිට හොද බත් දීලා අම්මල දන්කුඩ කාපු වෙලාවල් ඕන තරම් තියනවා...


ඒත් අපි දන්නචද ඒවා?

ටිකෙන් ටික අපි උස් මහත් උනා..ස්කෝලේ ගියා, පංති ගියා, O/L, A/L කරන්න ආවා, කෙල්ලේ/කොල්ලෙක් එක්ක යාලු වෙන්න ඕන උනා,,..‍රැල්ලටද, නැත්නම් වෙන මොකක් හරි හේතුවකට එහෙම උනා,, අරෙහෙ මෙහ, park වල , ‍film hall වල රවුම් ගැහුවා...ඒත් හිතුවද? බොහොම විනෝදයෙන් ලේසියෙන් ඉවර කලේ, අර තාත්ත දුක් විදල නොකා නොබී හෙවුව සල්ලි නේද?බොහොම ලේසියෙන් ඉවර කලා නේද? 

20 පහුවෙලා ගෙදරින් ටිකක් බනිද්දි, ඔන්න යනවා ජොබ් එකකට..අන්න දචල් රෑ නැතුව වැඩ කරද්දී තේරෙනවා, තමන්ගේ වියදමින් ජීවත් වෙද්දී තේරෙනවා ජිවිතේ අමාරු කම..බෝඩිමක හිටියොත් තවත් තේරේවි,...

ඉස්සරහට වගකීම් ගැන මතක් වෙනකොට, අම්මල තාත්තල අපිට කරපුව මතක් වෙද්දී අපිටත් ඉස්සරහට ඒ දේවල් කරන්න වෙනවා නේද"? 


අම්මෝ ජිවිතය පිස්සුවක් වගේද? බය හිතෙනවද? ඔව් වෙන්න ඇති, ජීවිතය දැනෙන්න පටන් අරන්...

බලන්න ඔයාට පිටි පස්සෙන් තවත් කට්ටියක් එනව...

ඉස්සරහ ජීවිතේ ලේසි නෑ..

වගකීම් වැඩියි, එහෙනම් අපි මොකද කරන්න ඕනේ...

විකාර වැඩ ටිකක් අඩු කරල ජීවිතයට මුහුන දෙමු නේද.? 


මොකද ජිවිතේ කියන්නේ මල් ඇතිරූ යහනාවක් නම් නෙවේ..








ප.ලි.. බ්ලොග් කරනයට අලුත් ය :)
         අඩුපාඩු ඇත්නම් සමාවෙන්න